Trending Newsඑසැන පුවත්දේශීය

මානව හිමිකම් කඩ කළ පොලිස්කාරයෙක් එළියට දාන්න අධිකරණයට පුළුවන් – බරපතල වංචා දූෂණ කොමිෂන් සභාවේ හිටපු සභාපති ලැසිල් ද සිල්වා

(UTV | කොළඹ) –

පොලිස්පතිවරයාට අදාළව නිකුත් කර ඇති වාරණ නියෝගය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුව තුළ දී කළ ප්‍රකාශය දේශපාලන වාසි තකා, පදනම් විරහිතව, පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී කළ ප්‍රකාශයක් බව බරපතල වංචා දූෂණ කොමිෂන් සභාවේ හිටපු සභාපති ලැසිල් ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ලැසිල් ද සිල්වා මහතා මෙසේ ද කීවේය. රටේ නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිතූ හිතූ ආකාරයට අවභාවිතා කිරීමට දේශපාලනඥයින්ට නොහැකි බවත් අධිකරණ කටයුතු වලට ව්‍යවස්ථාදායකය අත නොදැමිය යුතු බවයි.  මානව හිමිකම් කඩකළ පොලිස්කාරයෙක් එලියට දාන්න, අධිකරණයට සම්පූර්ණ අයිතිය තිබෙන බවත් ඒ පිළිබඳව විවාදයකට වුවද මුහුණ දීමට තමා සුදානම් බවද ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේය.

Related posts

Tsunami in Sri Lanka completes 14 years and the silence was paid by the public

Mohamed Dilsad

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්

Mohamed Dilsad

ලෝකයේ හොදම විශ්ව විද්‍යාල 500 අතරට පේරාදෙණියත් එක්වෙයි

Mohamed Dilsad

Leave a Comment