Trending Newsඑසැන පුවත්දේශීය

ගුවන්තොටුපොළ විද්යුත් වීසා ක්‍රමවේදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ට මූලික අයිතිවාසිකම් පෙත්සම්

(UTV | කොළඹ) –

ගුවන්තොටුපොල ආශ්‍රිතව ක්‍රියාත්මක වීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු ලෝකයට විවෘත වීමේ අවදානමක් මතුව ඇති බැවින් එම ක්‍රමවේදය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබේ. .

හිටපු අමාත්‍යවරුන් වූ පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් විසින් ඒම පෙත්සම් ගොනු කර තිබේ. විද්යුත් වීසා ක්‍රමවේද හේතුවෙන් රටේ වැදගත් ආරක්ෂක තොරතුරු බාහිර පාර්ශ්වයන්ට හෙළි වීමේ අවදානමක් ඇති බවත් එමඟින් රටේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල විය හැකි බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

මේ තුළින් මෙරට ජනතාවට අහිතකර ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවිය හැකි බවද පෙත්සම්කරුවන් සඳහන් කරයි.

 

Related posts

Sumithra Peiries identifies Ranamayura award

Mohamed Dilsad

මැතිවරණයට අදාළ තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට

Editor O

15 வயது கொழும்பு பாடசாலை மாணவி தற்கொலையின் காரணம் வெளியானது…

Mohamed Dilsad

Leave a Comment