Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරයා විසින් හදිසියේ කැඳවූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ සාකච්ඡා කළේ මොනවද….?

(UTV | කොළඹ) –

ජනාධිපතිවරයා විසින් හදිසියේ කැඳවූ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (24) පස්වරුවේ පැවැත්වින. ඒම  රැස්වීමේ දී පොලිස්පතිවරයෙකු පත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද අනාවරණය වෙයි.

දේශබන්දු තෙන්නකෝන් ට, පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ අනුව මේ වන විට පොලිස්පතිවරයෙකු නොමැති තත්ත්වයක් තුළ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට නොහැකි වාතාවරණයක් උද්ගත වී තිබේ.  ඒ අනුව වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට අදාළව සාකච්ඡා කිරීමට ව්‍යවස්ථාදායක සභාව හෙට (25) පස්වරුවේ රැස්වීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට පෙර වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කළ යුතු බව නීති විශාරදයින් සඳහන් කරයි.

Related posts

நாளை 9 மணி முதல் நீர் விநியோகம் தடை

Mohamed Dilsad

Bond Report to be handed over to Speaker today

Mohamed Dilsad

කතානායකට එරෙහිව විශ්වාස භංගයක්…?

Editor O

Leave a Comment