Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති ලේකම්ගේ චක්‍රලේඛයට අතුරු තහනමක්

(UTV | කොළඹ) –

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා “ප්‍රජා  උපේදේශන කමිටු” පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍ර ලේඛය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ෆැපරල් සංවිධානය සහ එහි විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.ඒම පෙත්සම් විභාගය නොවැම්බර් මස 05 වැනි දා පැවැත්වීමට ද නියම කළේය.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අස්ථික දේවේන්ද්‍ර අධිකරණය හමුවේ කරුණු දක්වමින්  විවිධ සංවර්ධන ව්‍යාපෘති ලෙස හුවා දක්වමින් රජයේ මුදල් සහ සම්පත් දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කිරීමක් මෙම ව්‍යාපෘති හරහා සිදු කෙරන බවත් එම ව්‍යාපෘති සම්බන්ධීකරණය සඳහා ප්‍රජා උපදේශන කමිටු පිහිටුවා  ඊට හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන් පත්කිරීමට කටයුතු කර ඇති බවද චෝදනා කර සිටියේය.

රජයේ සම්පත් පොදු ජනතාව වෙනුවෙන් භාවිතා කිරීම වෙනුවට දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිත කිරීම මේ හරහා සිදුවන බැවින් මැතිවරණයක් ආසන්නයේදී මෙවැනි ක්‍රියා අත් හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියේය.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ඉල්ලීමක් කළාය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළහ.

පෙත්සම්කරුවන් කියා සිටියේ සංවර්ධන ව්‍යාපෘති සදහා ප්‍රජා කමිටුවලට මිලියන 10 බැගින් මුදල් වෙන් කිරීමට තීරණය කර ඇති බවත් ජනාධිපතිවරණය සහ පළාත් පාලන ඡන්ද විමසීමේ දී ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂවලට වාසි ලබා ගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘති සැළසුම් කර ඇති බවයි.

මැතිවරණයක් ආසන්නයේදී මෙවැනි කටයුතු කිරීම නීති විරෝධී බවත් මේ තුළින් මැතිවරණ කොමිසමේ විධිවිධාන සහ ඡන්ද දායකයින්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ගොනු තිබුණි.

Related posts

කලවානේ වෙඩි තැබීමක්

Editor O

பாராளுமன்ற உறுப்பினர் காதர் மஸ்தான் பயணித்த வாகனம் விபத்து;மூவர் காயம்

Mohamed Dilsad

40 Sri Lankan refugees to return from Tamil Nadu

Mohamed Dilsad

Leave a Comment