Trending Newsඑසැන පුවත්දේශීය

ටෙලි සිනමා ගම්මානයක් වසර 30ක ට බදු දීමට ඇත.

(UTV | කොළඹ) –

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පවත්වා ගෙන යාමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය -පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීම පිණිස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා වන ජාතික නියෝජිතායතනයේ නිර්දේශ ලබා ගැනීමට 2023-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

ඒ අනුව එකී නියෝජිතායතනයේ නිර්දේශ මත පදනම්ව මහින්ද රාජපක්ෂ ජාතික සිනමා උද්‍යානය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කිරීම නඩත්තු කිරීම සඳහා සුදුසු ආයෝජකයකු හඳුනා ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමටත්, හඳුනාගනු ලබන ආයෝජකයා සමඟ වසර 30ක කාලයක් සඳහා බදු ගිවිසුමකට එළඹීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් ගරු කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව සඳහන්.

Related posts

“Vesak is celebrated with much devotion and faith” – President

Mohamed Dilsad

Mark Zuckerberg sold over $1bn worth of Facebook stock in 2016

Mohamed Dilsad

சீசெல்ஸ் நாட்டிற்கு விஜயம் செய்யும் ஜனாதிபதி

Mohamed Dilsad

Leave a Comment