Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ බංගලාදේශයට එරෙහි පළමු තරඟය කඬුලු 07කින් ශ්‍රී ලංකා ව ජයගනී

(UTV | කොළඹ) –

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ බංගලාදේශයට එරෙහි පළමු තරඟය කඬුලු 07කින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කළහ. තරඟය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (20) පැවැත්වින.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 111ක් රැස් කළේය. පන්දුයැවිමේදි උදේෂිකා ප්‍රබෝධනී සහ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු දෙක බැගින් දවා ගත්තෝය.

ලකුණු  112ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජය මාවත විවර කර දුන් විශ්මි ගුණරත්න ලකුණු 51ක් රැස්කළ අතර හර්ෂිතා මාධවී ලකුණු 33ක් රැස් කළාය. ඒ් අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 17යි එක්පන්දුවක් අවසානයේ කඩුලු 3ක් දැවී තරඟය ජයගත්හ.

Related posts

සියලු මාර්ගවල දුම්රිය ගමන් වාර සංඛ්‍යාව අද සිට ඉහළට

Mohamed Dilsad

Hampshire on course to thrash Essex

Mohamed Dilsad

රැඳවියන්ට අද විශේෂ ආහාර වේලක්

Mohamed Dilsad

Leave a Comment