Trending Newsඑසැන පුවත්දේශීය

බංගලාදේශයේ සිටින ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාව තහවුරුයි.

(UTV | කොළඹ) –

බංග්ලාදේශයේ මතුව ඇති ගැටුම්කාරී තත්ත්වයත් සමග එරට සිටින ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බව, විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

මේ වනවිට මෙරට සිසුන් 50 කට අධික පිරිසක් බංග්ලාදේශයේ විශ්විද්‍යාල තුනක ඉගෙනුම ලබන බවයි. එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා අදාළ සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියන් සම්බන්ධ කර ගනිමින් අවශ්‍ය උපදෙස් ලබාදී ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

සිසුන්ගේ ආරක්ෂාව හා සුබසාධනය වෙනුවෙන් විශේෂ අවධානය යොමු එකී විශ්වවිද්‍යාල පාලනාධිකාරිය වෙත දැනුම්දීම තිබේ. ගැටුම් හේතුවෙන් එරට සිටින ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාවට මෙතෙක් බලපෑමක් වී නොමැති බවත්, යම් සිසුවෙකුට ශ්‍රී ලංකාවට පැමිණිමට අවශ්‍ය නම් ඒ සඳහා  අවශ්‍ය මැදිහත්වීම කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

 

Related posts

Actor Sunil Premakumara passes away

Mohamed Dilsad

அரசாங்கத்தை எச்சரித்த தனியார் பேரூந்து சங்கம்…

Mohamed Dilsad

බන්ධනගාර වල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment