Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ආසියානු කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරඟාවලිය දඹුල්ලේදී ඇරඹේ – නොමිලේ නැරඹීමට අවස්ථාව

(UTV | කොළඹ) –

ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට් තරඟාවලිය අද (19) දඹුල්ලේදී ආරම්භ වෙයි. ඒ අනුව අද දිනයේදී තරඟ දෙකක් පැවැත්වීමට නියමිත අතර තරඟාවලියේ සියලු තරඟ නොමිලේ නැරඹිය හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

2004 වසරේදී ආරම්භ වූ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය 2008 වසර දක්වා එක්දින තරගාවලියක් ලෙස පවත්වා ඇති අතර එය 2012 වසරේ සිට සංවිධාන කෙරෙන්නේ T20 තරගාවලියක් ලෙසය.

ඒ අනුව කණ්ඩායම් 8කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවත්වෙයි. අද සිට 28 වනදා දක්වා පැවැත්වෙන තරඟාවලිය කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන අතර ඒ කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය, නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තරඟ වදී.

බී කාණ්ඩයෙන් තරඟ වදින්නේ සත්කාරක ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව සහ තායිලන්තයයි. තරගාවලිය ආරම්භ කරමින් පළමු දිනයේදී තරඟ දෙකක් පැවැත්වෙන අතර ඒ අනුව ඒ කාණ්ඩය යටතේ නේපාලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයත්, බී කාණ්ඩය යටතේ ඉන්දියාව සහ පාකිස්තානයත් තරඟ වැදීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා කාන්තා පිල මූලික වටයේ සහභාගි වන පළමු තරඟය හෙට (20) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතය

Related posts

Smith offers “Jay and Silent Bob Reboot” update

Mohamed Dilsad

கார் ஓட்ட பெண்களுக்கு விதிக்கப்பட்ட தடை நீக்கம்

Mohamed Dilsad

Taylor Swift emerges as highest-paid celebrity on Forbes Celebrity 100 list

Mohamed Dilsad

Leave a Comment