Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස්පතිවරයාට එරෙහි අගරදගුරුගේ පෙත්සම ගැන ගන්නා තීරණය ලබන 24 වෙනිදා

(UTV | කොළඹ) –

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්  විභාගයට ගැනීමට අවසර දෙනවා ද? නැද්ද යන නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය.

එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැත්ද? යන නියෝගයත් එදින ප්‍රකාශයට පත් කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කර තිබේ.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබූ අතර පෙත්සම් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

Related posts

Jonathan Dick: Australian ‘most wanted’ murder suspect captured

Mohamed Dilsad

More Army-held lands in East to be released

Mohamed Dilsad

නවක රාජ්‍ය සේවකයින්ගේ පුහුණුව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment