Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ප්‍රහාරයට වන්දි ගෙවීමට නියමව සිටින පුද්ගලයන් අගෝස්තු 30ට පෙර ගෙවිය යුතුයි

(UTV | කොළඹ) –

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන්දි ගෙවීමට නියම වී සිටින පිරිසට ගෙවීමට නියමිත වන්දි මුදල් අගෝස්තු මස 30 වනදාට පෙර ගෙවා අවසන් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරුන්ට එරෙහිව මෙම නියෝගය ලබා දී ඇත.

එදිනට පෙර අදාළ මුදල් ගෙවා අවසන් නොකරන්නේ නම් එම පුද්ගලයින්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ලබන සැප්තැම්බර් මස 20 වනදා ට පෙර චෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල විසින් නීතිපතිවරයාට නියෝග කළේය.

Related posts

தொலைத்தொடர்பு ஒழுங்குபடுத்தல் ஆணைக்குழு பாதுகாப்பு அமைச்சின் கீழ் – அதிவிசேட வர்த்தமானி அறிவித்தல்

Mohamed Dilsad

லக்கல – ரணமுரே கிராமத்திற்கு மண்சரிவு அபாய எச்சரிக்கை

Mohamed Dilsad

සන්නස්ගලට සහ ශ්‍රීනාත්ට අධිකරණයෙන් නොතීසි

Mohamed Dilsad

Leave a Comment