Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ප්‍රහාරයට වන්දි ගෙවීමට නියමව සිටින පුද්ගලයන් අගෝස්තු 30ට පෙර ගෙවිය යුතුයි

(UTV | කොළඹ) –

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන්දි ගෙවීමට නියම වී සිටින පිරිසට ගෙවීමට නියමිත වන්දි මුදල් අගෝස්තු මස 30 වනදාට පෙර ගෙවා අවසන් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරුන්ට එරෙහිව මෙම නියෝගය ලබා දී ඇත.

එදිනට පෙර අදාළ මුදල් ගෙවා අවසන් නොකරන්නේ නම් එම පුද්ගලයින්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ලබන සැප්තැම්බර් මස 20 වනදා ට පෙර චෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල විසින් නීතිපතිවරයාට නියෝග කළේය.

Related posts

லிந்துலையில் இரண்டு கடைகள் தீயினால் எரிந்து நாசம்

Mohamed Dilsad

2018 இல் 171 தமிழ் படங்கள் ரிலீஸ்

Mohamed Dilsad

North Korea: Four ballistic missiles fired into sea

Mohamed Dilsad

Leave a Comment