Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණය නියමිත කාලයේදී පවත්වනවා – එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන

(UTV | කොළඹ) –

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යාවස්ථාවට ගරු කරන කෙනෙකු බැවින් කිසි විටෙකත් ජනාධිපතිවරණය කල් දැමීමට ක්‍රියා කරන්නේ නැති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

ගනේමුල්ල, හොරගොල්ල දකුණ සේවා පියසේ ඉදිකළ බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය.

එජාප නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා  මෙසේ ද කීවේය. ”අපි ජනාධිපතිවරණයට මුහුණ දෙන්න සූදානම්. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා මේ රට නිවැරැදි තැනට ගේන්න පුළුවන් බව. එතුමාගේ නායකත්වයෙන් ජනතාවට ජීවත් වෙන්න පුළුවන් විදියට රට ස්ථාවර තත්ත්වයට පත් කරා. විපක්ෂයේ ඇතැම් අය කියනවා මැතිවරණය කල් දාන්න උත්සාහ කරනවා කියලා. රනිල් වික්‍රමසිංහ මහතා ට ජනාධිපතිවරණ කල්දාන්න අවශ්‍යතාවයක් නැහැ. වත්මන් ජනාධිපතිතුමා අපේක්ෂකයෙක් විදියට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒ වගේම ජනාධිපතිවරණය එතුමා ජයග්‍රහණය කරනවා. නැවත වතාවක් ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ආර්ථික ගැටළු නිරාකරණය කරලා, රට හරි තැනට ගේනවා කියන දේ විශ්වාසයෙන් සඳහන් කරනවා. “”

Related posts

Coach disappointed with World Cup performance

Mohamed Dilsad

චීනයේ සිට පැමිණි ශ්‍රී ලංකික සිසුන් සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණ තවදුරටත්

Mohamed Dilsad

பாராளுமன்ற விசேட தெரிவுக்குழுவின் இறுதி அறிக்கை

Mohamed Dilsad

Leave a Comment