Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණය කඩිනමින් පවත්වන්න – විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මැතිවරණ කොමිෂමට.

(UTV | කොළඹ) –

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණ මගින් ජනාධිපතිවරණයට සිදුවන බලපෑම වළක්වන්නැයි ඉල්ලා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මැතිවරණ කොමිෂමට ලිපියක් යොමු කර තිබේ. මන්ත්‍රිවරු 30 දෙනෙකුගේ අත්සන් සහිත එම ලිපියෙන් ඔවුන් ඉල්ලා තිබෙන්නේ මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය පැවැත්වීමට හැකි පළමු දිනයේම එය පැවැත්වීමට කටයුතු යෙදිය යුතු බවයි.

ඒ අතර, රංජිත් මද්දුම බණ්ඩාර , රාවුෆ් හකීම්, උදය ගම්මන්පිල , අතුරලියේ රතන හිමි, ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් වෙයි. එහි දැක්වෙන්නේ එළැඹෙන ජනාධිපතිවරණයේදි සිදුවිය හැකි නියත පරාජය සම්බන්ධයෙන් කලබල වී ඇති වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණය කල් දැමීම සඳහා විවිධ උපක්‍රම යොදා ගනිමින් උත්සාහ ගන්නා බව නොරහසක් බවයි.

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 ක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවස්ථා තුනකදී එය තහවුරු කර ඇති බවද අදාළ ලිපියේ සඳහන් ය.

එබැවින් හැකි පළමු දිනයේම ජනාධිපතිවරණය පැවැත්වීමට විධි විධාන සලස්වන ලෙසත් නිදහස් හා සාධාරණ වාතාවරණයක් තුළ මැතිවරණය පැවැත්වීමටත් කොමිසම සතු නෛතික බලය ක්‍රියාවේ යොදවන ලෙසත් එම ලිපියෙන් ඉල්ලා තිබේ.

 

Related posts

எதிர்க் கட்சி தலைவரின் புனித நோன்புப் பெருநாள் செய்தி

Mohamed Dilsad

கிளிநொச்சி மாவட்டத்தில் 2935 ஏக்கர் நிலப்பரப்பில் சிறுபோக நெற்செய்கை

Mohamed Dilsad

கட்சித் தலைவர்கள் கூட்டம் எவ்வித முடிவும் இன்றி நிறைவு

Mohamed Dilsad

Leave a Comment