Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට අදාළ විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයට අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ මුද්‍රණාලාධිපති, පොලිස්පතිවරයා සහ තැපැල්පතිවරයා අද (09) ජාතික මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ජනාධිපතිවරණය පැවැත්වීමේ දී ඉදිරි ක්‍රියාමාර්ග ඇතුළු කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බව එහි සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය ලබන 17 වැනි දායින් පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට ලැබේ.  ඒ අනුව මේ මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි.

මේ අතර 2024 ඡන්ද හිමි නාමලේඛනය මේ වනවිට සහතික කර අවසන් බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. නාමලේඛනය නිල වශයෙන් ප්‍රසිද්ධ කිරීම මේ සතිය අවසන් වීමට පෙර සිදු කරන බව ද මැතිවරණ කොමිසම සඳහන් කරයි.

Related posts

මෙහෙකාර සේවයේ අවුරුදු 16 ට අඩු දරුවන් නොයෙදීමට පියවර

Mohamed Dilsad

RMV නිලධාරීන් 600 කට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Army continues Dengue eradication campaign

Mohamed Dilsad

Leave a Comment