Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී රහීම් ට වරෙන්තු

(UTV | කොළඹ) –

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රී රහීම් මහතා වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරි පත් කරන්නැයි කල්පිටිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේ දී  මහෙස්ත්‍රාත් අයෝනා විමලරත්න මහත්මිය විවෘත වරෙන්තු නිකුත් කළේය.

මහෙස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළේ,  කල්පිටිය, කුරුඥම්පිටිය පිහිටි රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වගඋත්තරකරු කරමින් ගොනු කර තිබූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ දී ය. මීට පෙර දිනක ද නඩුව කැඳවූ අවස්ථාවේ,  වග උත්තරකාර මන්ත්‍රීවරයා හෝ ඔහුගේ නියෝජිතයෙක් අධිරණයේ පෙනී සිටියේ නැත.

රාජ්‍ය නොවන සංවිධානයකට අයත් ගොඩනැගිල්ලක්ට සාපරාධී ලෙස ඇතුලුවීම, දේපල අනර්ථය යන චෝදනා කල්පිටිය පොලිසිය විසින් වග උත්තරකාර මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.

Related posts

ஹெரோயினுடன் பொலிஸார் இருவர் கைது

Mohamed Dilsad

අපරාධකරුවන්ට හොර පාස්පෝට් හදපු 3ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ஆழ்ந்த சிந்தனையில் 16 உறுப்பினர்களுடன் கலந்துரையாடலில் ரணில்

Mohamed Dilsad

Leave a Comment