Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඉදිරියේදී තවත් සහන බලාපොරොත්තුවන්න – රවී කරුණානායක

(UTV | කොළඹ) –

බංකොලොත් භාවයෙන් රට මේ වන විට එළියට පැමිණ තිබීම හේතුවෙන් ඉදිරියේ දී බඩු මිල තව තවත් අඩු වී ජනතාවට සහන සැලසෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ, කොළඹ දී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

වර්තමාන තත්ත්වය මත විදෙස් ආයෝජන රටට යළි එමින් පවතිනවා. නතර වී තිබූ විදෙස් සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ වෙමින් පවතිනවා. රට ණය බරතාවයෙන් එළියට පැමිණෙමින් තිබෙනවා. ඒ තත්ත්වයට බිය වී ඇති විපක්ෂයේ අවස්ථාවාදීන් රාක්ෂයන් සහ බිල්ලන් මවමින් ජනතාව නොමඟ යවා රට යන ගමන අඩාල කිරීමට කුමන්ත්‍රණය කරනවා.

ශ්‍රී ලංකාව ණය ගෙවිය යුතු ආකාරය පිළි ගැනීමෙන් අනතුරුව 28%ක මුහුණත අගය කපා හැරීමෙන් රටක් හැටියට ඉදිරියට යාමට හැකියාව ලැබී තිබෙනවා. මෙම තත්ත්වය මත විදෙස් ආයෝජන නැවත රටට ගලා එමින් පවතිනවා.

ගෙවුණු සතියේ දී සියලුම ණයකරුවන් සිය සහාය ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වුණා. සමස්ත විදේශ ණය ණය බිලියන 37ක් වනවා. ඒ ණය ප්‍රමාණයෙන් 28%ක් කප්පාදු කෙරෙනවා. රටක් ලෙස අප ණය ගෙවන ආකාරය පිළි ගැනීමට විදෙස් ණයකරුවන් එකඟ වුණා. මේ ණය ගෙවීමට 2028 දක්වා කාලය ලැබී තිබෙනවා.

මේ නිසා රටක් ලෙස අප බංකොලොත් භාවයෙන් එළියට පැමිණ සිටිනවා. ඒ හේතුවෙන් රටට විශේෂ වාසි ලැබෙනවා. අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවලට සහනාධාර ණය ගැනීමේ හැකියාව තිබෙනවා. විදෙස් ආයෝජනය එන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. නතර වී තිබූ විදෙස් ආයෝජන ව්‍යාපෘති යළි ආරම්භ කළ හැකි වන අතර අධි වේගී මාර්ග ඇතුළු සංවර්ධන වැඩ කටයුතු යළි ආරම්භ කළ හැකියි.

සමස්ත වැඩි බහුතරයක කැමැත්ත ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. මෙම ලියවිලි සහ ගිවිසුම් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. හැමදාම ණය ගන්න අවශ්‍ය නැහැ. රටේ බංකොල්ලොත්භාවයක් නෑ. ණයවර ලිපියක් යවන්න වුණත් මේ වන විට හැකියාව තිබෙනවා.

රට බංකොලොත් වී තිබෙන බව විපක්ෂය දැන ගෙන සිටියේ නැහැ. මේ බංකොලොත් භාවයෙන් ගැළවීමට ටිකක් කල් ගියේ විපක්ෂයේ හර්ෂ ද සිල්වා වැනි අය කරුණු නොදැන කෑ ගැසූ නිසයි. භාණ්ඩ සහ සේවා මිල ගණන් ඉදිරියේ දී තවත් අඩු වනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනය නොකර රට-ජනතාව ගැන සිතා කටයුතු නිසා මේ ප්‍රගතිය අත්පත් කර ගැනීමට හැකි වුණා. එතුමා අවශ්‍ය තීන්දු තීරණය නිවැරදි ලෙස ගන්නවා.

හැමදාම වැල් පාලමේ සිටීමට හැකියාවක් නැහැ. ස්ථිර පාලමක් ඉදි කර ගත යුතුයි. ණය බරෙන් එළියට එන්න අවශ්‍යයි. මේ කරුණු කාරණා ගැන කතා කරන විට විපක්ෂය රාක්ෂයන් සහ බිල්ලන් මවමින් ජනතාව නොමඟ යවනවා.

බුලත් කඩයක් වත් නොමැති අය රටක ආර්ථිකය මෙහෙය වන්නේ කෙසේ ද..? එවැනි හැකියාවක් තිබෙනවා නම් ඒ අය ඒ බව ඔප්පු කළ යුතුයි. නිසි වේලාවට ජනාධිපතිවරණය ඇතුළු ඒ ඒ මැතිවරණ පවත් වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලිව දැනුම් දී තිබෙනවා. එසේ තිබිය දී සමහරුන් චරිත ඝාතනය කරන්න උත්සහ කරනවා.”

Related posts

65 days after wife went missing from UAE, Indian expat makes desperate plea

Mohamed Dilsad

அங்குணுகொலபெலஸ்ஸ சம்பவம் தொடர்பிலான விசாரணை அறிக்கை இன்று(21) கையளிப்பு

Mohamed Dilsad

ජනාධිපතිවරණ දිනය ගැන මැතිවරණ කොමිසමේ අදහස

Editor O

Leave a Comment