Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සේවකයන් ට මේ වසරේ වැටුප් වැඩි කරන්නේ නැහැ. – ජනාධිපති

  • (UTV | කොළඹ) –

රාජ්‍ය අංශයේ යළි වැටුප් වැඩි කිරීමක් මේ වසරේ සිදු කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙම වර්ෂයේ මැතිවරණ කාලසීමාවක් එළඹෙන බැවින් එය සිදුකළ නොහැකි බව ජනපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බල ගැන්වීමේ උත්සවයට ඊයේ(06) වැල්ලවායේදී එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ වැටුප් වැඩි කළ හැක්කේ ලබන වසරේ අයවැය හරහා බවය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාතේ ප්‍රජා පොලිස් කමිටු බලගැන්වීමේ පළමු සැසිය ද ආරම්භ කෙරුණි.

උත්සවය පැවැත්වුණේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගණයේදී ය.

මෙම ප්‍රජා පොලිස් කමිටු, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් රට පුරා දියත් කර තිබෙන “යුක්තිය” මෙහෙයුම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබාදෙයි.

Related posts

රනිල්ගේ නිවසට CIDය යයි[UPDATE]

Mohamed Dilsad

Tiger Woods to play PGA Tour events as part of Masters preparations

Mohamed Dilsad

මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1868 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment