Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණය මේ වසරේ- ඇමති බන්දුල

(UTV | කොළඹ) –

මෙම වසරේ ජනාධිපතිවරණය ස්ථිර වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

කිසිඳු හේතුවක් මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධානයන්ට පරිබාහිරව ජනාධිපතිවරණය පිළිබඳව තීරණයක් ගෙන නොමැති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

තමා පුද්ගලිකවම සිදුකළ විමසීමකදී ජනාධිපතිවරයා ඉතාමත් පැහැදිලිවම ප්‍රකාශ කළේ කැබිනට් මණ්ඩලය වෙත තමා දැනුම් දී ඇති ආකාරයට, ජනාධිපතිවරයෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරණයකින් ඔක්තෝම්බර් 17 වනදාට පෙර තේරී පත්විය යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස 2024 වර්ෂයට අයවැයෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බව ප්‍රකාශ කළා.

ඒ අනුව ජනාධිපතිවරණය කල්දැමීම සඳහා කිසිඳු අපේක්ෂාවක් නොමැති බවට ජනාධිපතිවරයා සහතික කොට ප්‍රකාශ කළ බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ.

කිසිඳු ආකාරයකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය කල් දැමීමට හෝ කාලය දීර්ඝ කර ගැනීමට කිසිඳු අදහසක් නොමැති බවත්, ස්ථීර වශයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන්කර තිබෙන අතර දින වකවානු තීරණය කිරීම මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඔහුට පැවරෙන බලතල ප්‍රකාරව ක්‍රියාත්මක කිරීම සඳහා පූර්ණ නිදහස ලබා දී ඇති බැවින් එම නිසා විවිධ පුද්ගලයින්ගේ අසත්‍ය ප්‍රචාරයන්වලට ආයතන ප්‍රධානීන් රැවටීමෙන් වැළකිය යුතු බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ.

Related posts

Curfew imposed in Negombo lifted

Mohamed Dilsad

John Carpenter does a one-shot “Joker” comic

Mohamed Dilsad

Hong Kong elections: Record numbers vote in district council polls

Mohamed Dilsad

Leave a Comment