Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණය අද 04

(UTV | කොළඹ) –

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණය අද (04) පැවැත්වේ.  මෙවර මැතිවරණයේ දී වැඩි වාසි ඇත්තේ වසර 14 ක් තිස්සේ බ්‍රිතාන්‍යයට නායකත්වය දුන් කොන්සවර්ටිව් පක්ෂයට නොව, ප්‍රතිවාදී විපක්ෂය වන කම්කරු පක්ෂයට බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය මැයි 22 වැනිදා, පාර්ලිමේන්තුව විසුරුවා, මහ මැතිවරණයකට යා යුතු යැයි පාලක කොන්සවර්ටිව් පක්ෂ නායකයා සහ, අග්‍රාමාත්‍යවරයා වන රිෂී සුනාක් තීරණය කළහ.

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරයා හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය.  මහ මැතිවරණයට කොන්සවර්ටිව් පක්ෂයෙන් රිෂී සුනාක් සහභාගී වන අතර, ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ විපක්ෂ නායක මෙන්ම කම්කරු පක්ෂයේ නායක  කීර් ස්ටාර්මර්ය. තවත් කුඩා පක්ෂ සහ ස්වාධීන පක්ෂ වෙන් වෙන්ව, කොන්සවර්ටිව් පක්ෂයටත්, කම්කරු පක්ෂයටත් සහාය පළ කරයි

මහා බ්‍රිතාන්‍යය එසේත් නැතිනම් එක්සත් රාජධානිය යනු එංගලන්තය, උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සයයි. ලෝකයේ හයවැනි ආර්ථික බලවතා එක්සත් රාජධානියයි. එක්සත්  රාජධානියේ ජනගහනය මිලියන 67 කි.

බ්‍රිතාන්‍යය වේලාවෙන්  උදෑසන 7 ට ඡන්ද විමසීම ආරම්භ වන අතර, රාත්‍රී 10 තෙක් ඡන්දය ප්‍රකාශ කළ හැක.

Related posts

Ian Paisley suspended from DUP over failure to declare holidays paid for by Sri Lankan Government

Mohamed Dilsad

සේවක භාර අරමුදල් පනතට සංශෝධන

Mohamed Dilsad

සහරාන්ගේ අදහස් ප්‍රචාරය කල සිව් දෙනෙකු TID අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment