දේශීය

සේවක භාර අරමුදල් පනතට සංශෝධන

සේවක භාර අරමුදල් පනතට සංශෝධන හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණයට සමාන සෞඛ්‍ය රක්ෂණාවරණයක් පෞද්ගලික අංශයේ සේවකයින්ට ද ලබා දීම සඳහා වන යෝජනාවක් 2023 අයවැය කතාවේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී.

 

එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි 1980 අංක 46 දරන සේවක භාර අරමුදල් පනත සංශෝධනය කිරීම අවශ්‍යව පවතී.

 

එම නිසා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා දිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

 

 

Related posts

CEYPETCO මිල ඉහළ නැංවීම යෝජනාවට මෙතෙක් රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නැහැ

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂක විවාදයේ දෙවෙනි වටය අද (08) සවස

Editor O

මෙරට සුවය ලැබූ ආසාදිතයින් 10000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment