Trending Newsඑසැන පුවත්දේශීය

ලෝහ අපනයනයනකරුවන් කර්මාන්ත අමාතයංශයෙන් අනුමැතිය ලබා ගත යුතුයි

(UTV | කොළඹ) –

ලෝහ අපනයනකරුවන් කර්මාන්ත අමාතයංශයෙන් අනුමැතිය ලබා ගත යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ලෝහ ආශ්‍රිත කර්මාන්තය නියෝජනය කරන නිලධාරීන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවක දීයි.

නීතිවිරෝධී ලෙස ලෝහ, යකඩ, ඒ ආශ්‍රිත උපකරණ සහ අබලි ද්‍රව්‍ය අපනයනය වැළැක්වීමේ පියවරක් ලෙස මෙය තීරණය ගෙන ඇති බව සඳහන්. ලෝහ අපද්‍රව්‍ය, යකඩ ආශ්‍රිත උපකරණ සහ තඹ, පිත්තල, ඇලුමිනියම්, චීනචට්ටි සහ සුදු යකඩ වැනි අබලි ද්‍රව්‍ය නීතිවිරෝධී ලෙස අපනයනය සිදු කෙරේ. ඒ, හේතුවෙන් සිදු වූ මූල්‍ය පාඩු ද සිදුව ඇතැයි අමාත්‍යවරයා කීවේය.

එහි දී සියඹලාපිටිය මහතා කියා සිටියේ, අවසර ලත් ලෝහ ආශ්‍රිත අපනයන සහ අපනයන තත්ත්වයන්ට සුදුසු භාණ්ඩ හඳුනාගැනීම සඳහා ගැසට් නිවේදනයක් ඉදිරියේ දී නිකුත් කරන බවයි. සියලුම නීතිවිරෝධී ප්‍රතිඅපනයන නවතා දමන බව ද ඔහු සඳහන් කළා.  ඉදිරියේ දී ලෝහ, යකඩ ආශ්‍රිත උපකරණ සහ පරණ ද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ අවශ්‍ය වන බවයි අමාත්‍යවරයා කීවේය.

Related posts

මැතිවරණ කොමිසමේ නිළධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර අද සාකච්ඡාවක්

Mohamed Dilsad

Sri Lankan Rupee depreciates further against US Dollar

Mohamed Dilsad

Northern fishermen want long-term solution to Palk Bay conflict elusive

Mohamed Dilsad

Leave a Comment