Trending Newsදේශීයව්‍යාපාරික

වී වගාව සඳහා පොහොර සහනාධාරය කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණයි

(UTV | කොළඹ) –

වී වගාව සඳහා පොහොර සහනාධාරය වශයෙන් රජය ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන මින් ඉදිරියට කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණක් දීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න ට උපදෙස් දුන්නේය.

පොහොර සහනාධාර මුදල් ගොවි ගිණුම් වලට බැර කිරීමේ දී ඇතැම් කුඹුරු හිමියන් තම කුඹුරු වගා කරන ගොවීන් වගා කන්නයක් පාසා වෙනස් කිරීම නිසා මුදල් ලබා දීමේ දී යම් ප්‍රමාදයන් සිදුවන බව පෙනී ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙවර යල කන්නයේ දී රජය රුපියල් බිලියන 5.4ක් පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ගිණුම් වලටම ලබා දී ඇති නමුත් ඇතැම් ගොවීන් තවමත් තමන්ට මුදල් නොලැබුණ බවට පැමිණිලි කර ඇති අතරමේ සම්බන්ධව සියලු ගොවි ජනතාව දැනුම්වත් කර චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතය.

Related posts

සවුදියේ පිටුවහල් කඳවුරේ ලාංකිකයන්ගේ පළමු කණ්ඩායම අද දිවයිනට

Mohamed Dilsad

Police fire tear gas to disperse University students’ protest [UPDATE]

Mohamed Dilsad

Several railway unions discuss about Strike

Mohamed Dilsad

Leave a Comment