Trending Newsදේශීයව්‍යාපාරික

වී වගාව සඳහා පොහොර සහනාධාරය කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණයි

(UTV | කොළඹ) –

වී වගාව සඳහා පොහොර සහනාධාරය වශයෙන් රජය ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන මින් ඉදිරියට කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණක් දීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න ට උපදෙස් දුන්නේය.

පොහොර සහනාධාර මුදල් ගොවි ගිණුම් වලට බැර කිරීමේ දී ඇතැම් කුඹුරු හිමියන් තම කුඹුරු වගා කරන ගොවීන් වගා කන්නයක් පාසා වෙනස් කිරීම නිසා මුදල් ලබා දීමේ දී යම් ප්‍රමාදයන් සිදුවන බව පෙනී ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙවර යල කන්නයේ දී රජය රුපියල් බිලියන 5.4ක් පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ගිණුම් වලටම ලබා දී ඇති නමුත් ඇතැම් ගොවීන් තවමත් තමන්ට මුදල් නොලැබුණ බවට පැමිණිලි කර ඇති අතරමේ සම්බන්ධව සියලු ගොවි ජනතාව දැනුම්වත් කර චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතය.

Related posts

பெயரை மாற்றும் ஞானசார தேரர் (புதுபெயர் உள்ளே)

Mohamed Dilsad

போர்த்துகலில் துக்க தினம் பிரகடனம்

Mohamed Dilsad

Lankan Consul General says, “Gaining more market access is focus area for Sri Lanka”

Mohamed Dilsad

Leave a Comment