Trending Newsඑසැන පුවත්දේශීය

රාජ්‍ය සේවයේ විධායක නිලධාරින්ට රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක්

(UTV | කොළඹ) –

රාජ්‍ය සේවයේ විධායක නිලධාරින්ට රුපියල් 25,000ක විශේෂ මාසික දීමනාවක් ගෙවීමට රජය තීරණය කර තිබේ.  එම නිලධාරින්ට මෙතෙක් සේවා කාලය මත පදනම්ව ගෙවන ලද විශේෂ දීමනා වෙනුවට සේවා කාලය නොසලකා මෙම මාසික දීමනාව ගෙවීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේය.

පසුගිය 24 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර, එළඹෙන ජූලි පළමුවනදා සිට එය බලපැවැත්වේ. මහා භාණ්ඩාගාරයේ එකඟතාව මත එම චක්‍රලේඛය නිකුත් කළ බව ද පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.

එම චක්‍රලේඛය පහත පීඩීඑෆ් ගොනුව බාගතකර කියවිය හැක.

1719490535-18-2015-v-s

Related posts

බැසිල්ට එරෙහි නඩුවක සාක්ෂි විභාගය කල් යයි

Mohamed Dilsad

තෙල් නැව ගැන ගතයුතු තීරණයක් පිළිබඳව නීතිපතිගේ අවධානය

Mohamed Dilsad

අධිවේගී මාර්ගයේ නව මාපක යන්ත්‍ර කැමරා පද්ධතිය අද සිට

Mohamed Dilsad

Leave a Comment