Trending Newsඑසැන පුවත්දේශීය

කෙසෙල්වත්තේ දෙනුවන්ගේ ගෝලයෙක් කුඩු සමග අත්අඩංගුවට

(UTV | කොළඹ) –

ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙසෙල්වත්තේ දෙනුවන් චතුරංග නමැත්තාගේ ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කෙසෙල්වත්ත පොලිස් වසමේ සුචරිත මහල් නිවාසය අසළ කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.  රුපියල් ලක්ෂ 5කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 900ක් සැකකරු ළඟ තිබී හමුවී තිබේ. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක්ද පොලිස් බාරයට ගෙන තිබේ.

වයස අවුරුදු 19ක් වන මෙම සැකකරු කොළඹ 12 සෙබෙස්තියන් මාවත ප්‍ර දේශයේ පදිංචිකරුවෙක්. ඔහු ඩුබායි රාජ්‍ය යේ සැගව සිටින දෙනුවන් චතුරංග සමග සමීප සබදතා පවත්වන අයෙකු බවද මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බව පොලීසිය කියයි.

Related posts

කොරෝනා ගැන සමාජ මාධ්‍ය බොරු ප්‍රචාර සිදුවීම් පිළිබඳ CID විමර්ශන

Mohamed Dilsad

හම්බන්තොට සහ අම්බලන්ගොඩ පළාත් පාලන ආයතන 02ක නිල ඡන්ද ප්‍රතිඵළ

Editor O

சிறையில் வாடும் ஞானசார தேரருக்கான விதிமுறைகள்!!

Mohamed Dilsad

Leave a Comment