Trending Newsඑසැන පුවත්දේශීය

හැටන් කොළඹ මාර්ගයේ කුයිල්වත්ත ප්‍රදේශයේ රිය අනතුරක්.

(UTV | කොළඹ) –

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්‍රදේශයේ අද (19) අලුයම 5.15ට පමණ අනතුරක් සිදුව ඇතැයි හැටන් පොලීසිය කියයි. හොරණ  සිට නුවරඑළිය දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත් මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුර  සිදු වී තිබේ.

රියදුරුට නින්ද යාමෙන් අනතුර සිදුව ඇතැයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අනතුරෙන් මොටර් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති අතර, මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇතැයි ද පොලීසිය කියයි.

Related posts

බලය ගන්න පෙර, අධ්‍යාපනයට, සියයට 6%ක් අයවැයෙන් වෙන් කරනවා යැයි ආණ්ඩුව කියපු කතා පුස්සක් වෙලා – ලංකා ගුරු සංගමය

Editor O

Captain Iyer destroys KKR

Mohamed Dilsad

මාවනැල්ල, කෝවිල්කන්දේ නායයෑමක්

Editor O

Leave a Comment