Trending Newsඑසැන පුවත්දේශීය

බලය ගන්න පෙර, අධ්‍යාපනයට, සියයට 6%ක් අයවැයෙන් වෙන් කරනවා යැයි ආණ්ඩුව කියපු කතා පුස්සක් වෙලා – ලංකා ගුරු සංගමය

බලයට පත්වීමට පෙර දී අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් අයවැයෙන් සියයට හයක් වෙන් කරන බවට පොරොන්දු වූ වත්මන් ආණ්ඩුව, මේ වසරේ අයවැය තුළින් එම අංශය සඳහා වෙන් කර ඇති මුදල වැඩි කර ඇත්තේ දශමයකටත් වඩා අඩු ප්‍රමාණයකින් බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කරයි.

වෙනත් පාලන සමයන්වල දී අධ්‍යාපනයට මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධතා දැක්වූ අද සිටින ආණ්ඩු පක්ෂය, පසුගිය වසරට වඩා මෙවර අයවැය වැඩි කර ඇත්තේ සුළු දශමයකින් වීම හාස්‍යජනක තත්ත්වයක් බවත්, එය ඔවුන්ගේ වංචනික පාලනයේ සැබෑ ස්වභාවය හෙළිදරව් කිරීමක් බවත් සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ අදහසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන වැඩිපුර කතා කළ ආණ්ඩුව, සියලු පහසුකම් සහිත පන්ති කාමර (Smart Rooms) වෙනුවෙන් මුදල් වෙන් නොකර, ඉටු නොවන සිහින වට්ටෝරුවක් පමණක් අයවැයෙන් ඉදිරිපත් කර ඇති බවද ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා අවධාරණය කරයි.

තවද, නිසි පරිදි නොගෙවූ ගුරු වැටුප් ඇතුළු අධ්‍යාපනයේ පවතින බොහෝ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට අයවැය මඟින් අවධානය යොමු කර නොමැති වීමද බරපතළ කනගාටුවට කරුණක් බව ඒ මහතා පෙන්වා දෙයි.

මේ පාලනය යටතේ ද රටේ අහිංසක දරුවන්ගේ අධ්‍යාපනයට ඉහළ නැංවීමක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි බවට ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සිය අසතුට පළ කළේය.

Related posts

UNP Working Committee meeting today

Mohamed Dilsad

තදබදය අවසන් කිරීමට අමතර දුම්රිය හා බස්රථ සේවාවක්

Mohamed Dilsad

සඳුදා සිට බස් ධාවනය යථා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment