Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, බීබීසී මාධ්‍ය ආයතනයෙන් වන්දි ඉල්ලීම ට සැරසෙයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද කතාවක් සංස්කරණය කර පැනොරාමා වාර්තා චිත්‍රපටයක භාවිතා කර මිනිසුන් නොමග යැවීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් බීබීසී මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ජනාධිපති ට්‍රම්ප්ගේ නීති කණ්ඩායම නොවැම්බර් 14 වන දිනට පෙර වාර්තා චිත්‍රපටය සම්පූර්ණ ඉල්ලා අස්කර ගැනීම හෝ එසේ නොවේනම්, ඩොලර් බිලියන 1 (£ 760m) සඳහා නඩු පැවරීමට මුහුණ දීමට සිදුවන බවට නිවේදනය කර ඇත.

මෙම වාර්තා චිත්‍රපටය හා සම්බන්ධයෙන් වූ තොරතුරු පසුගියදා ටෙලිග්‍රාෆ් පුවත්පතේ වාර්තා විය., එහි සඳහන් වුයේ ට්‍රම්ප්ගේ 2021 ජනවාරි 6 වන දින ඔහුගේ මැතිවරණ පරාජයෙන් පසු ඔහු එක්සත් ජනපද කැපිටල් වෙත පහර දෙන ලෙස ජනතාවගෙන් පැහැදිලිවම ඉල්ලා සිටින බවට බවට ජනතාව නොමඟ යවා ඇති බවකි.

කෙසේ නමුත් බීබීසී සභාපති සමීර් ෂා වාර්තා චිත්‍රපටයේ සංස්කරණයේ සිදු වූ දෝෂ සම්බන්ධයෙන් සමාව අයැදීමට කැමති බව ප්‍රකාශ කර තිබු අතර එහි ප්‍රවෘත්ති ප්‍රධාන විධායක නිලධාරී ඩෙබොරා ටර්නස්, අධ්‍යක්ෂ ජෙනරාල් ටිම් ඩේවි මේ වන විට ඉල්ලා අස්වී ඇත.

Related posts

පළාත් රැසකට වැසි සමඟ ප්‍රබල අකුණු

Mohamed Dilsad

மல்வத்தை மஞ்சு கைது

Mohamed Dilsad

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනාම මැතිවරණ වියදම් වාර්තා ඉදිරිපත් කර නැහැ.

Editor O

Leave a Comment