Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් වර්ජනයෙන් ලිපි ලක්ෂ 15ක් හිරවෙයි.

(UTV | කොළඹ) –

තැපැල් සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ලිපි ලක්ෂ 15කට අධික සංඛ්‍යාවක් ගොඩ ගැසී ඇතැයි වෘත්තීය සඳහන් කරයි.  ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති ප්‍රධානියෙක්  සඳහන් කළේය, එම ලිපි ඉදිරි දින දෙක ඇතුළත බෙදා හැරීමට කටයුතු කරන බවද,  කාර්යය මණ්ඩල බඳවා ගැනීම් ඇතුළු තම ඉල්ලීම්වලට විසඳුම් ලබා දීමට ලබන 24 වැනිදා දක්වා රජයට කාලය ලබා දී ඇතැයි ද වෘත්තීය සමිති ප්‍රකාශකයා සඳහන් කළේය. පැය 24 ක තැපැල් සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය 13දා මැදියම් රැයෙන් අවසන් කිරීමට තැපැල් සේවකයෝ කටයුතු කර තිබේ.

ඒ අනුව 14දා සිට තැපෑලේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බවත්, එළඹෙන 24 වෙනිදා ට ප්‍රථම, තම ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුමක් නොලැබෙන්නේ නම් ඉදිරි වෘත්තීය ක්‍රියා මාර්ග ගන්නා බවද තැපැල් සේවක වෘත්තීය සමිති සඳහන් කරයි.

Related posts

යුක්තිය ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කළ දිනයක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Mohamed Dilsad

Security tight for Kenya inauguration

Mohamed Dilsad

Leave a Comment