දේශීය

පිරිසක් හිමිනමකට වෙඩිතබා පළා යයි

(UTV | කොළඹ) – අද (23) පෙරවරුවේ ගම්පහ මල්වතු හිරිපිටිය විහාරස්ථානයක හිමිනමක් වෙඩිතබා ඝාතනය කර තිබුණි.

මෝටර් රථයකින් පැමිණි සැකකරුවන් 04 දෙනෙකු හිමිනමට වෙඩිතබා පළා ගොස් ඇති අතර වෙඩිවැදීමෙන් බරපතළ තුවාල ලැබු හිමිනම ගම්පහ රෝහලට ඇතුලත් කෙරුණි.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිමිනම අද දහවල් අපවත් වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙලෙස අපවත්වී ඇත්තේ 45 හැවිරිදි, කළපළුවාවේ ධම්ම රතන නැමති කහටාන, ඝනාරාම මහා විහාරස්ථානයේ වැඩසිටි හිමිනමක් බව පැවසෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් මල්වතු හිරිපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

නිරෝධායන නීති නොතැකූ තවත් 29 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

දැරියට වධ දුන් පියා රිමාන්ඩ්

Mohamed Dilsad

2020 සාපෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අදියර හෙට සිට

Mohamed Dilsad

Leave a Comment