දේශීය

නිරෝධායන නීති නොතැකූ තවත් 29 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 29 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද උදාසන 6න් අවසන් වූ පැය 24 ක කාළය තුළ මෙහෙයුම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුලූ සංඛ්‍යාව 81 දහස් 353ක්.

බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන පුද්ගලයින් 2244 දෙනෙකු ඊයේ දින මාර්ග බාධකවලදී පරික්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී මාර්ග බාධක හරහා ගමන් කිරීමට නියමිත අවසරය නොමැති පුද්ගලයින් 272 දෙනෙකු ඔවුන් පැමිණි වාහනවලින්ම ආපසු හරවා යැවීමට කටයුතු කළ බවයි පොලිසිය සදහන් කළේ.

Related posts

2023 අයවැය ඇස්තමේන්තු සකස් කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 429ක් රට පුරා. ඒ් ආශ්‍රිතව පසුගිය වසරේ අනතුරු 74ක් : 24 ක් මරුට

Editor O

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීම අප්‍රේල් 16 සිට 29 දක්වා

Editor O

Leave a Comment