දේශීය

රතු මූදේ අර්බුධය | නැව් රැසක් ලංකාවට ඇදී එයි

(UTV | කොළඹ) – රතු මුහුදේ ඇතිවී ඇති අර්බුදය හේතුවෙන් විදෙස් සමාගම්වල නෞකා රැසක් මේ දිනවල කොළඹ වරායට පැමිණෙමින් තිබෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවසුවේ හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස බොහෝ නෞකා යොදා ගෙන ඇති බවයි.

මේ හේතුවෙන් වෙනදාට වඩා දැඩි තදබදයක් නිර්මාණයවී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවසුවා.

රතු මුහුදේ මතුව ඇති අර්බුදය හේතුවෙන් වෙනදා සූවස් ඇළ හරහා පැමිණෙන නෞකා මේ වන විට පැමිණෙමින් සිටින්නේ දකුණු අප්‍රිකානු මහද්වීපය හරහායි.

කොළඹ වරායේ උපාය මාර්ගික පිහිටීම හේතුවෙන් වරායට සංක්‍රමණය වන නෞකාවලට මැදපෙරදිගට, දකුණු ආසියාවට සහ නැගෙනහිර ආසියාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකියි.

දකුණු අප්‍රිකාව පසුකර යන නෞකාවලට හමුවන පළමු වරාය වන්නේ කොළඹ වරායයි.

ඒ අනුව මැදපෙරදිග කලාපයට හා ඉන්දියාවට යන නෞකා බහුතරයක් දැන් කොළඹ වරායට පැමිණෙමින් තිබෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අතිරේක කළමනාකරණ අධ්‍යක්ෂ මෙහෙයුම් ලාල් වීරසිංහ සඳහන් කළේ ප්‍රති අපනයනය මේ වන විට වැඩිවී ඇති බවයි.

ඒ හරහා රටට ඩොලර් වැඩි වශයෙන් ලැබෙමින් ඇති බව ද ඔහු පැවසුවා.

Related posts

උතුරේ ජනතාවගේ දේශපාලන කැමැත්ත ගැන, පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ගේ පැහැදිලි කිරීම.

Editor O

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට දැනට ඇති ආරක්‍ෂාව ලබන 29 වනදා තෙක් ඒ ආකාරයෙන්ම දෙන බව නීතිපති කියයි.

Editor O

”ආචාර්යය” පට්ටම ගැන අහන්න ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.

Editor O

Leave a Comment