දේශීය

ශ්‍රී ලංකා ජනපති සහ ප්‍රංශ ජනපති අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සිදුකර තිබේ.

 

එහිදී ශ්‍රී ලංකා ආර්ථිකයේ හරිත පරිවර්තනයක් සිදුකිරීම වෙනුවෙන් අදහස් හුවමාරු කරගෙන තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

තවද ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය (IORA) සමග ප්‍රංශයේ බැඳීම ශක්තිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

 

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශ ජනාධිපතිවරයාට ආරාධනයක් සිදුකරමින් පවසා ඇත්තේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව සමග එක්වන ලෙසය.

 

ඩුබායිහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණ විපර්යාස සමුළුව හෙවත් COP 28 ප්‍රධාන සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්වී සිටින අතර ඊට සමගාමීව මෙම හමුව සිදුවී ඇත.

 

රටවල් 54ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සමුළුව ඊයේ (01) ඩුබායිහි එක්ස්පෝ සිටිහිදී ආරම්භකෙරුණි.

 

Related posts

හෙට බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළඳසැල් වසා දැමේ

Mohamed Dilsad

ජනාධිපති සටනට අධිකරණ ඇමති විජයදාස රාජපක්‍ෂත් එයි.

Editor O

බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙනතුරු වසයි

Mohamed Dilsad

Leave a Comment