දේශීය

දින දෙකකදී 12ක් අතුරුදන්

ගත වූ දෙදින තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් බාල වයස්කරුවන් සිව්දෙනෙකු ඇතුළුව පුද්ගලයන් දොළොස් දෙනෙකු අතුරුදන් වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

 

ඒ අනුව බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි සිසුවෙක්, නාදකුඩුඉරුප්පු ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සිසුවෙක්, හැටන් පොල්පිටිය ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි අයෙක් සහ යටියන සංවර්ධන මධ්‍යස්ථානයක රඳවා සිටි 15 හැවිරිදි දැරියක්ද අතුරුදන් බාල වයස්කරුවන් අතරට අයත්ය.

 

මෙම දැරිය මීට දින කිහිපයකට පෙර මෙම රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා ඇති අතර පෙරේදා (10 වැනිදා) දින රාත්‍රියේ ඇය ඉන් පැන ගොස් ඇති බවට එහි ප්‍රධාන පාලිකාව කටුනායක පොලීසියට පැමිණිලි කර ඇත.

 

අතුරුදන් පිරිස අතරට නුවරඑළිය ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක්, පොතුවිල්හි පදිංචි 26 හැවිරිදි කාන්තාවක් සහ එඬේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයකු ඇතුළත්ය.

 

ඊට අමතර ව නොර්වුඩ්හි පදිංචි 82 හැවිරිදි කාන්තාවක්, මොරටුව පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි, පල්ලම ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කම්කරුවකු, කහතුඩුව ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද ඇතුළත්ය.

Related posts

විදුලිය, ඉන්ධන පාඩු ලබන විට මිල වැඩිකළ යුතුයි.

Editor O

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 33,000 ඉක්මවයි

Mohamed Dilsad

රිමාන්ඩ් කර සිටි ⁣හිටපු අතිරේක රස පරීක්ෂකට ඇප

Editor O

Leave a Comment