දේශීය

මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය තීරණයක් ගනී

මෙම සතිය තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය පවසයි.

 

එම සංගමයේ සභාපති පි.එච්. ගුණසිංහ මහතා සඳහන් කළේ, මාර්ග සංවර්ධන අධිකාරියේ බඳවාගැනීමේ පටිපාටියේ පවතින දුර්වලතා ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් මෙම පියවර ගන්නා බවය.

 

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් “අද දෙරණ” මාර්ග සංවර්ධන අධිකාරියෙන් විමසීමක් කළ අතර එහිදි එම අධිකාරියේ ප්‍රකාශකයෙකු පැවසුවේ වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් ඉංජිනේරු සංගමය මෙතෙක් අධිකාරිය සමඟ කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවය.

 

අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් ද ඔවුන් මෙතෙක් දැනුවත් කර නොමැති අතර ය ම්හෙයකින් අසනීප නිවාඩු වාර්තා කළහොත් අතිරේක සේවකයින් යොදවා රාජකාරී ආවරණය කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රකාශයකයා සඳහන් කළේය.

Related posts

මෙරට කොරෝනා අසාදිතයන් සීග්‍රයෙන් ඉහලට

Mohamed Dilsad

නිදහස ලැබී අදට වසර 74 යි

Mohamed Dilsad

පන්නිල ගම්මානයම සිය කැමැත්තෙන් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment