දේශීය

පන්නිල ගම්මානයම සිය කැමැත්තෙන් ස්වයං නිරෝධායනයට

(UTV | බේරුවල) –  බේරුවල – පන්නිල ප්‍රදේශයෙන් එකම පවුලේ පස්දෙනෙකු කොරෝනා ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන අයි. ඩී. එච්. උණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔවුන් පදිංචිව සිටි පන්නිල ග්‍රාමයේ පවුල් 51 පුද්ගලයන් 140 දෙනෙකු නිරෝධායන කටයුතු වලට සිය කැමැත්තෙන් එක්වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍යවරුණ සෙනෙවිරත්න මහතා පැවසීය.

පන්නිල ග්‍රාමයෙන් හඳුනාගත් පවුලේ පිරිමි පුද්ගලයා වූ මැණික් ව්‍යාපාරිකයා ප්‍රථමයෙන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අයි. ඩී. එච්. රෝහලට මාරු කර පසුව ඔහුගේ බිරිඳ, අවුරුදු එකහමාරක් වයසැති දරුවා, බිරිඳගේ මව හා පියා යන අය රෝහල්ගත කර තිබේ.

බේරුවල ප්‍රදේශයේ යුද හමුදා නිළධාරීන් 150 ක් ද , පොලිස් නිළධාරීන් 40 දෙනකු ද යොදවා, ආසාදිතයන් ගැවසී ඇති බවට හඳුනාගත් ප්‍රදේශවලට පිටස්තර අයට ඇතුළත් වීමට සහ පිටවීමට නොහැකි වන පරිදි ආරක්ෂාව තර කරනු ලැබීය.

නිරෝධායනට එක්කල පිරිස යුද හමුදාව විසින් බස්රථ වල නංවා රැගෙන යාමට කටයුතු කළ බව බේරුවල පොලිසිය පැවසීය.

Related posts

20 සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රීවරිය කොස්ගොඩ සුජීගේ ඥාතියෙක්

Editor O

ඡන්ද විමසීමේ කාලසීමාවේදී ඡන්දපොළට දුරකථනය රැගෙනයාම තහනම් – මැතිවරණ කොමිෂම

Editor O

Leave a Comment