දේශීය

නිදහස ලැබී අදට වසර 74 යි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ 74 වන ජාතික නිදහස් දිනය අභිමානවත් අන්දමින් අද සැමරෙනවා.

වසර 443 ක් පෘතුගීසි – ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන්ට යටත්ව සිට ශ්‍රී ලංකාවට නිදහස හිමිවූයේ 1948 වසරේ පෙබරවාරි 04 වනදායි.

74 වන නිදහස් දින උළෙල අද පෙරවරු 08 ට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ආරම්භ වීමට නියමිතයි.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ආගමික නායකයන් – මැති ඇමතිවරුන් – ප්‍රභූන් – රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුලු විශාල පිරිසක් ඊට සහභාගීවිමට නියමිතව තිබෙනවා.

මෙවර ජාතික නිදහස් දින උළෙල පැවැත්වෙන ආකාරය පිළිබඳ යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා.

ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ ආචාර පෙළපාලියට 6500 ක පිරිසක් සහභාගිවීමට නියමිතයි.

යුධ හමුදාවේ 3463 ක් / නාවික හමුදාවේ 919 ක් / ගුවන් හමුදාවේ 804 ක් / පොලිසියේ 336 ක් / පොලිස් විශේෂ කාර්ය බලකායේ 282 ක් / සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 437 ක් සහ ජාතික ශිෂ්‍යභට ඛණ්ඩයේ 259 ක් ඒ අතර වනවා.

මේ අතර ජාතික නිදහස් දින උළෙල හේතුවෙන් අද අලුයම 05 සිට කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ.

Related posts

දේශපාලන වුවමනා මත අස්වැසුම ලබානොදෙන බව රාජ්‍ය ඇමති කියයි

Mohamed Dilsad

විභාග පැවැත්වෙන කාලයේ විදුලි කප්පාදුව රාත්‍රී 07න් පසුව සිදුනොකර ලෙස නිර්දේශ

Mohamed Dilsad

ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයන්ට සහනයක්

Mohamed Dilsad

Leave a Comment