දේශීය

බදුල්ල ප්‍රධාන මාර්ගයේ නාය යෑමක්

පැවති අධික වර්ෂාවත් සමඟ බදුල්ල ප්‍රධාන මාර්ගයේ 96 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ පුහුල්පොළ ප්‍රදේශයේ දී ගල් සමඟ පස් කන්දක් නාය ගොස් තිබේ.

 

ඊයේ (18) රාත්‍රියේ මෙම නාය යෑම සිදු වී ඇති බව වාර්තා වේ.

 

නාය යෑම හේතුවෙන් එම ස්ථානයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව සඳහන්ය.

 

ඊයේ රාත්‍රියේ සිට මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම නතර වී ඇති අතර, බදුල්ල දෙසට යෑම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස වැලිමඩ පොලීසිය රියදුරන්ට දැනුම් දී තිබේ.

 

විශාල ගල්, මාර්ගයට පතිත වී ඇති නිසා ඒවා ඉවත් කිරීමට යම් කාලයක් ගත වනු ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

Related posts

ධීවර කාර්මිකයින්ට සහ කිමිදුම්කරුවන්ට රක්ෂණයක්

Editor O

සපුගස්කන්දෙන් පැන ගිය කොවිඩ් ආසාදිතයා මාකොළින් හමුවේ

Mohamed Dilsad

විවාහයට පෙර, රුධිර පරීක්ෂණක් කරන්න – විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ

Editor O

Leave a Comment