දේශීය

දඩල්ල වෙඩි තැබීමේ සැකකරුවන් අත්අඩංගුවට

ගාල්ල පොලිස් වසමේ දඩල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් ඉදිරිපිට දී ඊයේ (18) සිදු කළ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

එම සැකකරුවන් ඊයේ රාත්‍රී කාලයේ දී පිටිදූව, හීනටිගල හා බෝගහගොඩ ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන ඇත.

 

එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 24ත් 33ත් අතර වයස්වල පසු වන හබරාදුව හා උණවටුන ප්‍රදේශයේ පදිංචිකරුන් වේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

දහම් පාසල් ගුරු විභාගය කල් යයි

Mohamed Dilsad

හරක් කටා ඝාතනය කිරීමේ සැලැස්මක් අනාවරණය වේ…!

Editor O

රාජ්‍ය සේවකයින් ගැන අගමැතිගේ කනස්සල්ල

Mohamed Dilsad

Leave a Comment