දේශීය

කුමන ආණ්ඩුව ආවත් 2048 දක්වා ණය ගෙවීමක්

කුමන ආණ්ඩු රට බාර ගත්ත ද 2048 වසර වන තෙක් මෙරට ණය ගෙවීම් සිදුකළ යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව සඳහන් කළේය.

 

මේ අතර අයවැය යෝජනාවලියේ සඳහන් කළ පරිදි ණය සීමාව ඉහළ නැංවීම මගින් රජය ලබාගන්නා ණය ප්‍රමාණය ඉහළ නැංවීමක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙකෙහි ප්‍රාග්ධන ප්‍රමාණය ශක්තිමත් කිරීමත් ස්‍වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අවශ්‍ය නීතිමය අවශ්‍යතාවයක් සපුරා ගැනීමත් පමණක් එමගින් සිදුවන බවය.

 

රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.

Related posts

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම හෙට දිනයෙන් අවසන්

Mohamed Dilsad

කාන්තාවක් සී.අයි.ඩී. ගොඩනැගිල්ලෙන් පැන මරුට

Mohamed Dilsad

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

Leave a Comment