දේශීය

හේෂා ගේ චෝදනාවෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

ලිංගික අල්ලස් ඉල්ලූ කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සිදුකළ හෙළිදරව්ව සම්බන්ධයෙන් අද (18) පාර්ලිමේන්තුවේ දී සංවාදයක් ඇති විය.

 

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා,

 

”ඊයේ සාකච්ඡාවේ දී හේෂා විතානගේ මන්ත්‍රීවරයා ගේ කටින් කියවුණා ලිංගික අල්ලස් ගත්තු කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයෙක් කියලා. හිටපු සභාපතිවරු ගොඩක් ඉන්නවා. මම විශ්වාස කරනවා මේ ප්‍රකාශය හා සම්බන්ධ සභාපතිවරයාව ඇත්තටම හොයන්න ඕනේ නැත්නම් පාර්ලිමේන්තුවටත් ඒ සභාවටත් විශාල අගෞරවයක් වෙනවා”

 

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාලර්මේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා,

 

“මම සදාචාරත්මක ව මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න ටිකත් එක්ක ඕකත් අර ඇඟිල්ල කටේ තිබ්බ මහත්තයා ගේ ඇඟට දාන්න බැරි හින්දා පාර්ලිමේන්තුවේ අවදානයට යොමුකරන්න මේක කිව්වේ. මේකට වර්තමාන සභාපතිවරයා සම්බන්ධයි”

 

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාලර්මේන්තු දයාසිරි ජයසේකර මහතා,

 

”ඔබතුමා ගේ අණකින් මේ දෙසැම්බර් මාසේ වෙන තුරුම මේ කෝප් කමිටු රැස්වීම් නවත්වලා තියෙනවා. මේ මාසේ හොඳට වෙලාව තිබුණා ආයතන ගණනාවක් ගෙනල්ලා කතා කරන්න. මම 2004 ඉදලා කෝප් කමිටුවේ සාමාජිකයෙක් විදිහට වැඩකරලා තියෙනවා සෑහෙන කාලයක්. එතකොට අපි දැක්කා කිසිම වෙලාවක කොප් කමිටුවේ කථා කරපු එකක් ගෙනල්ලා පාර්ලිමේන්තුව ඇතුළේ කථා කරන්නේ නැහැ අපි. එළියේ ගිහිල්ලා පත්තරවලට කියන්නෙත් නැහැ. එළියේ ගිහිල්ලා රූපවාහිනීවලට කියන්නෙත් නෑ අපි. එහෙම ගෞරවයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කෝප් කමිටුව ඇතුළේ අපි තියාගෙන හිටියා. හැබැයි දැන් ඒක සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙනවා මේ සියලුම සාමාජිකයින්ට ඉස්සර වෙලා උගන්නන්නට ඕනේ කෝප් කමිටුවේ වැඩ කරන්නේ කොහොමද කියලා. වර්තමාන කෝප් කමිටුවේ සභාපතිවරයාත් සමඟ විශාල චෝදනාවක් ඇතිවෙලා තියෙනවා. ඒකට මේක වහලා දාන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ලබන සඳුදා හරි කථා කරලා මේක අ

වසන් කරලා.”

 

Related posts

අත්‍යාවශ්‍ය සේවා නියෝගවලට යටත් වෙන්නේ නැහැ – විදුලි සේවකයන් කියයි

Mohamed Dilsad

අනිවාර්යයෙන් පරීක්ෂා කළ යුතු බහාලුම් රැසක් පරීක්ෂා නොකර රේගුවෙන් පිට කරලා – රේගු නිලධාරී සංගමය

Editor O

අද දිනයේදී දිවයිනට වැසි

Mohamed Dilsad

Leave a Comment