දේශීය

අද දිනයේදී දිවයිනට වැසි

(UTV | කොළඹ) – අද දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා.

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75කට වැඩි තරමක තද වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

Related posts

පඬු­ක­රඳ ගසේ වන්දිය මිලි­යන 980ක්…?

Editor O

ටයිල් චමින්ද ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

දකුණ, සබරගමුව සහ ඌව පළාත් ආණ්ඩුකාරවරු ඉල්ලා අස්වෙයි.

Editor O

Leave a Comment