Trending News

කැබිනට් සංශෝධනය ලබන සඳුදා

(උදයම්,කොළඹ)  – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඕස්ට්‍රේලියා සංචාරය සඳහා මෙරටින් පිටත්ව යාමට ප්‍රථම කැබිනට් සංශෝධනය කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.බොහෝ දුරට එය ලබන සදුඳා සිදු කිරීමට නියමිතය.

ඇමැති මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යාංශ විෂය පථයන් වෙනස් වන ආකාරය පිලිබඳ  අවසන් තීරණයක් ගැනීමට නියමිත ව තිබේ.

ඒ අනුව ආණ්ඩුවේ පළමු අමාත්‍ය මණ්ඩල සංශෝධනය  මෙයයි.

ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ පූර්ණ එකඟතාවය මත කෙරෙන ඇමැති මණ්ඩල සංශෝධනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේද අමාත්‍ය ධුරවල වෙනස්කම් කීපයක් සිදුවීමට නියමිතය.

විශේෂයෙන් මුදල් ,විදේශ කටයුතු ,ජනමාධ්‍ය ,රාජ්‍ය පරිපාලන සහ ඉඩම් යන අමාත්‍ය ධුර වල වෙනස්කම් සිදුවනු ඇති බව වාර්තාවේ.

 

Related posts

Podujana Peramuna to discuss propaganda activity

Mohamed Dilsad

பல்கலைக்கழக நுழைவுக்கான வெட்டுப் புள்ளி இவ்வார இறுதியில்

Mohamed Dilsad

හිටපු ඇමති රාජිත අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

Editor O

Leave a Comment