දේශීය

රු කෝටි 11ක රත්‍රන් ජෙල් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි 11ක වටිනාකමකින් යුත් රත්‍රන් ජෙල් කරල් 16ක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අද (16) රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ.

 

රේගු නිලධාරීන් වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

 

ඒ අනුව මෙම ගුවන් මගියාව ඔහු පැමිණි ගුවන්යානය තුළදීම අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු 32 හැවිරිදි කොළඹ – 02 කොම්පඤ්ඤවීදීය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

අදාළ සැකකරු අද අලුයම 01.40ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන්යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.

 

සැකකරුගේ ගමන් මල්ල තුළ කිලෝ 06යි ග්‍රෑම් 423 යි මිලිග්‍රෑම් 09ක් බරැති මෙම රත්‍රන් ජෙල් තොගය කරල් 16ක් ලෙස සකස් කර සඟවා තිබී ඇත.

 

මේ වනවිට මෙම රත්‍රන් ජෙල් තොගය රජයේ රස පරීක්ෂක වෙත විශ්ලේෂණ වාර්තාවක් ලබාගැනීම සඳහා යොමුකර තිබේ.

 

සැකකරුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහුගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් ද විශ්ලේෂණ වාර්තාවක් ලබාගැනීමටපියවරගෙන ඇත.

 

Related posts

රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමට කැබිනට් අනුමැතිය

Editor O

රාජ්‍ය දේපල මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට යොදා ගන්නා බවට පැමිණිල්ලක්

Mohamed Dilsad

නවක මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීම අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment