දේශීය

බෝක්කුවක් අසල තරුණයෙකුගේ මළසිරුරක්

සැකසහිත ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් බෝක්කුවක් අසල තිබී සොයාගෙන ඇත.

 

පොලීසිය සඳහන් කළේ ඊයේ (15) දහවල් තලාතුඔය කදාකුල ප්‍රදේශයේදී මෙම පුද්ගල මළසිරුර හමුවී තිබේ.

 

තලාතුඔය පොලීසිය සඳහන් කළේ මරණකරුගේ වයස අවුරුදු 27ක් පමණ වන බවය.

 

අදාළ පුද්ගලයා පසුගිය 12 වනදා සවස් කාලයේදී නිවසින් පිටවගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ඉකුත් 13 වනදා මරණකරුගේ මව විසින් තලාතුඔය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

 

ඒ අනුව එම පුද්ගලයාගේ මළසිරුර තලාතුඔය මාරස්සන මාර්ගයේ ඇති බෝක්කුවක් අසල තිබී හමුවී තිබේ.

Related posts

දෛනික ආසාදිතයින් 298 ක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

පාර්ලිමේන්තුව යළිත් කැඳවන ලෙසට විපක්ෂය ජනපතිගෙන් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment