දේශීය

කැලණිය සරසවිය හෙට යළි විවෘත කෙරේ

කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා ඇති පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු හෙට (11) දිනයේ සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව හෙට දිනයේ විද්‍යා, පරිගණක තාක්ෂණ, වාණිජ හා කළමනාකරණ පීඨ යළි විවෘත කිරීමට සැලසුම් කර ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සඳහන් කළේය.

 

එමෙන්ම සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨ ලබන 18 වනදා සිට යළි විවෘත කිරීමට නියමිතව තිබේ.

 

විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙකු පැහැරගෙන ගොස් පහර දී ශිෂ්‍ය මධ්‍යස්ථානයට ප්‍රවේශ වන ගේට්ටුවේ ගැට ගසා තිබීම හේතුවෙන් ශිෂ්‍යයන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩල අතර සාමකාමී තත්ත්වයට බාධා ඇතිවිය හැකි බැවින් වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ පසුගිය 04 වනදා සිට තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබුණි.

Related posts

ඔරුගොඩවත්තෙන් ඇල්ලු මත්කුඩු තොගය

Mohamed Dilsad

තවත් ආසාදිතයින් කිහිප දෙනෙක් හදුනා ගනී

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වන වාරිකය ශ්‍රී ලංකාවට හිමිවෙයි

Editor O

Leave a Comment