දේශීය

කැලණිය සරසවිය හෙට යළි විවෘත කෙරේ

කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා ඇති පීඨ කිහිපයක අධ්‍යයන කටයුතු හෙට (11) දිනයේ සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව හෙට දිනයේ විද්‍යා, පරිගණක තාක්ෂණ, වාණිජ හා කළමනාකරණ පීඨ යළි විවෘත කිරීමට සැලසුම් කර ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සඳහන් කළේය.

 

එමෙන්ම සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨ ලබන 18 වනදා සිට යළි විවෘත කිරීමට නියමිතව තිබේ.

 

විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙකු පැහැරගෙන ගොස් පහර දී ශිෂ්‍ය මධ්‍යස්ථානයට ප්‍රවේශ වන ගේට්ටුවේ ගැට ගසා තිබීම හේතුවෙන් ශිෂ්‍යයන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩල අතර සාමකාමී තත්ත්වයට බාධා ඇතිවිය හැකි බැවින් වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ පසුගිය 04 වනදා සිට තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබුණි.

Related posts

ඉස්ලාම් බැතිමතුන්ගේ මිලාදුන් නබි උත්සවය : ජනපතිගෙන් සුභ පැතුම් පණිවිඩයක්

Mohamed Dilsad

ග්‍රාම නිලධාරීන්ගේ ගැටළු විසඳීමට පොලිස් නිලධාරියෙකු පත්කරයි

Mohamed Dilsad

ජනපති සහ අගමැතිත් කොවිඩ් එන්නත ලබාගනී

Mohamed Dilsad

Leave a Comment