දේශීය

ඉස්ලාම් බැතිමතුන්ගේ මිලාදුන් නබි උත්සවය : ජනපතිගෙන් සුභ පැතුම් පණිවිඩයක්

(UTV | කොළඹ) – ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන නබි නායක තුමන්ගේ ජන්ම දිනය සිහිපත් කෙරෙන මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුභ පැතුම් පණිවිඩයක් එක්කරමින් කියා සිටියේ නබි නායකතුමන්ගේ ජීවිතය පුරා පවත්වාගෙන ගිය මානුෂීය දර්ශණය අන් කවරදාටත් වඩා අද සුබසිද්ධියට යොදා ගැනීම තමාගේ විශ්වාසය බවයි.

එමෙන්ම, ශ්‍රී ලාංකීය සහ සමස්ත ලෝකවාසී සියලු ජාතීන්ගේද අධ්‍යාත්මික සහ සමාජීය ප්‍රගමණයට මුහම්මද් නබි නායකතුමන්ගේ උපන් දිනය හේතු වේවා යැයි ප්‍රාර්ථනා කරන බවද ජනපති එක්කල සුභ පැතුම් පණිවිඩයේ සදහන් වේ.

Related posts

වෛද්‍යවරුන් 10දෙනෙක් නිරෝධායනයේ

Mohamed Dilsad

කොළඹ ජාතික රෝහලෙන් රෝගීන්ට ක්ෂණික දුරකථන ඇමැතුම් සේවාවක්

Mohamed Dilsad

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පිළිබඳ අවසන් තීන්දුව ලබාදෙයි

Mohamed Dilsad

Leave a Comment