දේශීය

නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් 12ක් අත්අඩංගුවට

දොම්පෙ, කළුකොලදයාව ප්‍රදේශයේ ගබඩාවක් තුළ කිසිදු බලපත්‍රයකින් තොර ව පවත්වාගෙන ගිය මහා පරිමාණ අරක්කු නිෂ්පාදන ආයතනයක් වටලා, මත්පැන් බෝතල් 6,000කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

දොම්පෙ පොලීසියේ නිලධාරීන් විසින් අද (05) දහවල් මෙම වැටලීම සිදු කර ඇත.

 

බෙදාහැරීමට සූදනම් කර තිබූ අරක්කු බෝතල් 6,000කට වැඩි ප්‍රමාණයක්, කාලේ බෝතල් විශාල ප්‍රමාණයක්, ලොරි රථ දෙකක්, පිරවුම් යන්ත්‍ර, හිස් බෝතල්, ලේබල්, ස්ටිකර් ඇතුළු උපකරණ රාශියක් ද වැටලීම සිදු කළ ස්ථානයෙන් හමු වී තිබේ.

 

මෙම නීති විරෝධී අරක්කු නිෂ්පාදන ස්ථානය කවර පුද්ගලයෙකුට අයත් ද යන්න පිළිබඳ විමර්ශන සිදු කෙරෙන බව වාර්තා වේ.

Related posts

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කරයි

Mohamed Dilsad

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් දිවයිනට

Mohamed Dilsad

ඩයනා ගැන තීන්දුව දීම පසුවට කල්තැබෙයි

Mohamed Dilsad

Leave a Comment