දේශීය

ඩයනා ගැන තීන්දුව දීම පසුවට කල්තැබෙයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම මේ මස 31 වනදා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

 

එහි තීන්දුව අද (18) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඛේමා ස්වර්ණාධිපති සහ ඒ. මරික්කාර් යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.

 

එහෙත් නඩුව අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ අදාළ තීන්දුව මේ මස 31 වනදා ප්‍රකාශයට පත් කරන බවය.

 

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

 

පෙත්සම්කරු කියා සිටින්නේ ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවය.

Related posts

වාහනවලට පැනවූ බදුවලින් ආදායම වැඩි වුණා – නියෝජ්‍ය ඇමති අනිල ජයන්ත

Editor O

රට තුළ පැතිරෙන කොවිඩ් වෛරසය ගැන අළුතම අනාවරණය

Mohamed Dilsad

අඹතලේ මාර්ගය තාවකාලිකව වසා දමයි

Mohamed Dilsad

Leave a Comment