දේශීය

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අත්අඩංගුවට

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රවී සෙනෙවිරත්න මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

 

බීමතින් රිය ධාවනය කර රථවාහන 02ක් අනතුරට ලක්කිරීමේ සිද්ධියකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

 

ඊයේ (28) රාත්‍රී වැල්ලවත්ත, මුහුද ආසන්න මාර්ගයේ දී එම අනතුර සිදුව තිබුණි.

 

එහිදී රවී සෙනෙවිරත්න මහතා ධාවනය කළ මෝටර් රථය, බස් රථයක සහ මෝටර් රථයක ගැටී ඇති බව පොලීසිය පැවසීය.

 

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා අද (29) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ස්වාධීන කණ්ඩායම් 86 ක් ඇප මුදල් තැන්පත් කරයි

Mohamed Dilsad

ඩිෆෙන්ඩර් අනතුරේ CCTV දර්ශන

Mohamed Dilsad

මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

Leave a Comment