දේශීය

දියවැඩියා රෝගීන්ගේ වර්ධනයක්

මෙරට තුළ දියවැඩියා රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේඥ වෛද්‍ය අරුන්දිකා සේනාරත්න මහත්මිය පැවසුවේ, මෙරට ජනගහනයෙන් සියයට 14.6ක් මේ වන විට දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බවය.

 

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේඥ වෛද්‍ය අරුන්දිකා සේනාරත්න මහත්මිය මෙම අදහස් පළ කළේය.

 

“ලෝක ජනගහනයෙන් මිලියන 500කට වැඩි ප්‍රමාණයක් දියවැඩියාව රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන කතා කළොත්, දියවැඩියා රෝගය ගැන අපි සෑම වසර 5කටම සැරයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට අනුකූලව කරන සමීක්ෂණයක් තියෙනවා. ඒකේ ඇත්තටම අවුරුදු 18 – 69ත් අතර වැඩිහිටියන්ගේ මුළු ලංකාවම නියෝජනය වෙන පරිදි සාම්පල් එකකින් තමා අපි මේක කරන්නේ. ඒකේ ප්‍රතිඵල අනුව 14.6%ක ප්‍රමාණයට දියවැඩියාව තියෙනවා. රෝගීන්ගේ වැඩිවීමක් අපි දැනට පෙන්නුම් කරනවා. අපි 2015 කරපු එකේ දී 7.4%යි හිටියේ. නමුත් දැන් 14.6%ක් දක්වා වැඩිවෙලා. ආතතිය හා සෞඛ්‍යමත් නොවන ආහාර රටා සමග වැඩිවීමක් පෙන්නුම් කරනවා.”

Related posts

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය

Mohamed Dilsad

දේශපාලනයේදී ආචාර්ය, මහාචාර්යය තනතුරු දා ගැනීම රෝගයක් වෙලා – ආචාර්යය නිර්මාල් දේවසිරි

Editor O

පන්නිල ගම්මානයම සිය කැමැත්තෙන් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment